දිය කිඳුරියන් ඇසින් දැක නැත්තේ ඇයි ? ? ?





මුහුදේ ගැවසෙන රූමත් දිය කිඳුරියන් ගැන කතා ලෝකයේ සෑම රටකට ම අයත් ජන සාහිත්‍යයේ දැක්වේ. අපේ ජාතක කතා පොතේ එන සඳ කිඳුරු ජාතක කතාවේ ද කිඳුරන් ගැන සඳහන් වේ. එහෙත් ඉඟටිය තෙක් මිනිස් රූපයක් ද ඉන් පහළටමත්ස්‍යයකු ගේ හැඩයක් හා වලිගයක් ද සහිත රූමත් දිය කිඳුරියන් හෝ මිනිස් හිසක් හා උඩු කයක්ද ඉන් පහළ ඇතැම් විට පක්ෂි වේශයක් ද සහිත කිඳුරන් හෝ සියැසින් දුටුවන්ගේ වාර්ථා නැත්තේ ඇයි?

 ග්‍රීකසුරංගනා කතාවල දැක්වෙන පරිදි මුහුදේ යාත්‍රා කරන නැවියන් ඉදිරියෙන් දිය මතුපිටට එන රූමත් දිය කිඳුරියන් එම නැවියන් සිය වසඟයට ගෙන තමන් පසුපස හඹා ඒමට සලස්වා අන්තිමේ විනාශයට පත් කරන බව කියැවේ. ජර්මන් ජනකතාවල දැක්වෙන පරිදි රයින් නදිය යට පිහිටි මහා ප්‍රාසාදයක මෙම කිඳුරෝ වාසය කරති. එහෙත් දිය කිඳුරියන් ගැන ප්‍රකට වූයේ නැවියන් විසින් මුහුදේදී දකින ලද මනාටීස් (Manatees) හෙවත් මුහුදු දෙනුන් යනුවෙන් හැඳින්විය හැකි ක්ෂීරපායි ගණයට අයත් ජලජ සත්ත්ව විශේෂය නිසා බව විශ්වාස කෙරේ. 

කිරි බී වැඩෙන මෙම සත්ත්වයින්ට ප්‍රශ්වාස කිරීම පිණිස නිතර දිය මතුපිටට පැමිණීමට සිදු වේ. මෙම සත්ත්වයින්ගේ පැටව් මවගෙන් තනකිරි බොති. මනාටි මව්වරු දරුවන්ට කිරි පෙවීමේදී හිස ඔසවා දරුවන් ඇකයට ගෙන පෙඳ පාසි මතුපිට වත්තම් වී සිටී. එම සතුන්ගේ මුහුණු වල ද මිනිස් රූප වලට සමාන හැඩයක් පවතී. මෙම සතුන්ගේ හැසිරීම් දුටු නැවියන් ගොඩබිමට පැමිණි විට තමන් දුටු ඒ අපූර්ව සත්ත්ව කොට්ඨාශය ගැන නොයෙකුත් කතාන්දර කීම ඉසා මුහුදේ වෙසෙන්නා වූ මිනිසුන්ට සමාන දිය කිඳුරියන් ඇන කතා ලොව පුරා පැතිරෙන්නට ඇත.

එහෙත් හැබහින්ම දිය කිඳුරියන් දුටු හෝ ඡායාරූප ගත කළ හෝ වාර්තා මෙතෙක් ලැබී නොමැත.

Comments

  1. සිත් ඇදගන්නා කරුණක්..නියමයි..

    ReplyDelete
  2. මේ දරුවාට තව තවත් මෙවන් ලිපි ලියන්න ශක්තිය දැනුම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. බොහෝමස්තූති වේවා

      Delete
  3. මන් ආසයි එයාලට... වටිනා ලිපියක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලිශ් ගොඩක්..

      Delete
  4. Woow akke,🌬 This s one of my favorite topic. 😋 So plz hurry up, am waiting for ur new article.

    ReplyDelete
  5. Mmmm asama tropic ekak oya liyla tyenne... 👍 👍 👍 dear...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ජයනි.. හැමදාමත් කොමෙන්ටුවක් දාලා දිරිමත් කරනවට

      Delete
  6. Kiyawanna asa hithena topic akak. Niyamai

    ReplyDelete
  7. Replies
    1. හැමදාමත් වගේ ස්තූතියි සහෝ

      Delete

Post a Comment

Popular posts from this blog

බළලුන් ගේ මුහුණේ රැවුල් ගස් ඇත්තේ ඇයි ? ?

පෝලන්ත අබිරහස් කැලෑවට කොකු කැලෑව කියන්නේ ඇයි ? ? ?