Posts

Showing posts from January, 2018

ටිබෙටියන් මැස්ටිෆ් තහනම් වූයේ ඇයි ? ? ?

Image
ලොව පැරණිම දෙමුහුන් සත්වයා වන්නේ සුනඛයා යි. ආදිතම කාලයේ පටන් දඩයමට සහ ආරක්ෂාවට මිනිසා ලඟින්ම සිටියේ මෙම පක්ෂපාතී මිත්‍රයා යි. ඉතින් මේ මිත්‍රයාට තවත් ටිකක් ජවසම්පන්න අගයක් දීමට මෙම සුනඛ දෙමුහුන්කරණය ආරම්භ වුණා. ලොව දරුණුතම දෙමුහුන් සුනඛයා බිහිකලේ ටිබෙටය යි. ඒ නිසාම මේ සුනඛයා ටිබෙටියන් මැස්ටිෆ් කියලා හඳුන්වනු ලබනවා. ලොව දරුණුතම සහ සුවිශාලම සුනඛයා වන මොහු දෙමුහුන් කරනු ලැබුවේ මැස්ටිෆ් බැල්ලක සහ සිංහයෙකු සමඟ බව ජනප්‍රවාදයේ කියැවෙනවා. ඇත්තෙන්ම මේ සුනඛයා සිංහයෙකු මරා දැමීමට පවා ශක්තිමත්.  ඒ වගේම ඇමරිකාවේ විශිෂ්ඨතම දෙමුහුන් සුනඛයා වන පිට්බුල් වර්ගයේ හොඳින් වැඩුණු සුනඛයන් සතර දෙනෙකු එකවර මරා දැමීමට ටිබෙටියෙන් මැස්ටිෆ් සුනඛයෙකුට ගත වන්නේ තත්පර 30කටත් අඩු කාලයක්.  නමුත් මේ විශිෂ්ඨ දෙමුහුන්කරණයට පසුගිය දා තහනමක් පැනවුණා. ඒ දෙමුහුන් පැටවුන් බිහිවීමෙන් පසුව සුනඛ ධේනුව මිය යාම, දෙමුහුන් සුනඛයන් යොදාගෙන ඔට්ටුවට සටන් කිරීම, අපරාධ සඳහා මෙම දරුණු සුනඛයන් යොදා ගැනීම, දෙමුහුන් කිරීම සහ හීලෑ කිරීම යන අවස්ථා වලදී දරුණු වධ හිංසා කිරීම වැනි හේතු ගණනාවක් නිසාය. "දෙමුහුන් වුණත් දරුණු...

පෝලන්ත අබිරහස් කැලෑවට කොකු කැලෑව කියන්නේ ඇයි ? ? ?

Image
පෝලන්තය ඉතාම සුන්දර සාමකාමී රටක්. සාමකාමී බව උතුරා යන තැනක අබිරහසක් ද පවතින බව ඔබ අසා ඇති.  මෙය පෝලන්තයේ සමහර ස්ථාන වලටත් හරි අපූරුවට ගැළපී තියනවා. ඉන් එකක් තමයි සුප්‍රසිද්ධ පෝලන්ත කොකු ගස් කැලෑව. සොබාදහමේ සුන්දරත්වය ද නොවිසදුණු අබිරහස් ද කැටි කොටගත් මේ කැලය පෝලන්තයේ උතුරු පොමරේනියාවේ ග්‍රයිෆිනෝහි පිහිටා තිබෙනවා. මේ කැලය පුරාම තිබෙන්නේ එකම උසකින් සහ මහතකින් වැඩුණු පයින් ගස් විමානයක්. එහි මධ්‍යයට වන්නට තිබෙන ගස් වල ඉතා අසාමාන්‍ය ලක්ෂණයක් දක්නට තිබෙනවා. ඒ තමයි එම ගස් පොළවේ සිට පටන් ගන්න ස්ථානයේ අඩි දෙකහමාරක් පමණ යනතෙක් ඉතා ම අසාමාන්‍ය ලෙස වකුටු වී පැවතීම. එය හරියටම දෑකැති තලයකට සමානයි. අඩි දෙකහමාරක් තුනක් පමණ වන තෙක් නැවී ගොස් තිබෙන මෙම පයින් ගස් වල කඳ ඉන් පසුව නැවත සාමාන්‍ය ආකාරයට කෙලින් වැවී තිබෙනවා. මෙලෙස නැවී වැවුණු ගස් 400ක් පමණ මෙහි දක්නට ලැබෙනවා. ඒ වගේම මෙම සෑම ගසකම නැවීම ආරම්භ වන්නේ පොළවේ සිට අංශක 90ක කෝණයකින්. මෙයට හේතුව කුමක් ද? සත්‍යය ලෙසම අද මේ මොහොත වන තුරුත් ඊට පිළිතුරක් සර්ව සාධාරණ හෝ න්‍යායාත්මක ලෙස කිසිවෙකුත් සොයාගෙන නැත.  මේ පයින් ගස් සිටුවා තිබ...

දිය කිඳුරියන් ඇසින් දැක නැත්තේ ඇයි ? ? ?

Image
මුහුදේ ගැවසෙන රූමත් දිය කිඳුරියන් ගැන කතා ලෝකයේ සෑම රටකට ම අයත් ජන සාහිත්‍යයේ දැක්වේ. අපේ ජාතක කතා පොතේ එන සඳ කිඳුරු ජාතක කතාවේ ද කිඳුරන් ගැන සඳහන් වේ. එහෙත් ඉඟටිය තෙක් මිනිස් රූපයක් ද ඉන් පහළටමත්ස්‍යයකු ගේ හැඩයක් හා වලිගයක් ද සහිත රූමත් දිය කිඳුරියන් හෝ මිනිස් හිසක් හා උඩු කයක්ද ඉන් පහළ ඇතැම් විට පක්ෂි වේශයක් ද සහිත කිඳුරන් හෝ සියැසින් දුටුවන්ගේ වාර්ථා නැත්තේ ඇයි?  ග්‍රීකසුරංගනා කතාවල දැක්වෙන පරිදි මුහුදේ යාත්‍රා කරන නැවියන් ඉදිරියෙන් දිය මතුපිටට එන රූමත් දිය කිඳුරියන් එම නැවියන් සිය වසඟයට ගෙන තමන් පසුපස හඹා ඒමට සලස්වා අන්තිමේ විනාශයට පත් කරන බව කියැවේ. ජර්මන් ජනකතාවල දැක්වෙන පරිදි රයින් නදිය යට පිහිටි මහා ප්‍රාසාදයක මෙම කිඳුරෝ වාසය කරති. එහෙත් දිය කිඳුරියන් ගැන ප්‍රකට වූයේ නැවියන් විසින් මුහුදේදී දකින ලද මනාටීස් (Manatees) හෙවත් මුහුදු දෙනුන් යනුවෙන් හැඳින්විය හැකි ක්ෂීරපායි ගණයට අයත් ජලජ සත්ත්ව විශේෂය නිසා බව විශ්වාස කෙරේ.  කිරි බී වැඩෙන මෙම සත්ත්වයින්ට ප්‍රශ්වාස කිරීම පිණිස නිතර දිය මතුපිටට පැමිණීමට සිදු වේ. මෙම සත්ත්වයින්ගේ පැටව් මවගෙන් තනකිරි බොති. මනාටි මව්වර...

අලියෙකුට හොඬවැලක් ඇත්තේ ඇයි ? ?

Image
අශ්වයන්, ගවයන්, සුනඛයන් හා බළලුන් වැනි සිවුපාවන්ට මුඛයක් පමණක් ඇති නමුත් විශාල සිව්පාවෙකු ලෙස සැලකෙන අලියාට පාද සතරට හා මුඛයට අමතරව හොඬවැලක් ද ලැබී ඇත.  අලියාගේ හොඬවැල විවිධ කාර්‍යයන් සඳහා භාවිතා කළහැකි අපූරු අවයවයකි. අලියාගේ හොඬවැල ඇට රහිත මස් වැදැල්ලක් වුවද එය ඉතාමත් ශක්තිමත් ය. විශාල දැව කඳක් වුව අලියාට ස්වකීය හොඬවැලෙන් ඉතා පහසුවෙන් ඔසවාගෙන යා හැකිය. හොඬවැල ඕනෑම අතකට නැවිය හැකි, පැද්දිය හැකි, උඩට එසවිය හැකි අවයවයකි. ඒ සඳහා හොඬවැල පේශීන් 40,000ක් පමණ උපයෝගී කරගනී.  හොඬවැල මඟින් මහා විශාල වෘක්ෂයක් ඇද දමා පෙරළිය හැකිවා මෙන් ම ඔබේ අතේ තිබෙනා කුඩා කෙසෙල් ගෙඩියක් වුව බිම නොවැටී අල්ලා ගෙන මුව තුළට ලා ගැනීමේ හැකියාව ඇත. අලියා හොඬවැලෙන් විවිධ ප්‍රයෝජන ගනී. ඉව කිරීමට, වතුර පානය කිරීමට මෙන් ම පොල් අතු, කෙසෙල් කඳන් කඩා මුඛයට ඔබා ගෙන ආහාර ගැනීමට ද අලියා හොඬවැල උපයෝගී කරගනී. ජලය පානය කිරීමේදී පළමුව හොඬවැල දිගේ උඩට උරාගෙන ඉන් අනතුරුව මුඛය තුළට වතුර විදින සැටි ඔබ නිරීක්ෂණය කර ඇතුවාට සැක නැත. තවද හොඬවැල දිගේ උඩට ඇද ගන්නා ජලය වතුර මලක් මෙන් විදිමින් ඇඟපත සෝදාගන්නා සැටි, කුඩ...

ඔබ සිහින දකින්නේ ඇයි?

Image
සිහින ලොව බොහෝ විට සුන්දරය. ඇතැම් විට අප බියකරු සිහින ද නොනවත්වා නොදකිනවා නොවේ. සිහින දැකීමට හේතුව මේ වන තුරු කිසිවෙක් හරිහැටි නොදනී. එහෙත් සිහින නින්දේ වැදගත් ම කොටසක් වේ.  සුප්‍රකට මනෝ විද්‍යාඥ සිග්මන් ෆ්රොයිඩ් ස්වකීය 'සිහින පිළිබඳ අර්ථකථනය' නැමැති ග්‍රන්ථය මඟින් පියවි ලොවේ මිනිසුන්ගේ සිතුම් පැතුම් උප විඥානගත වී සිහින සමඟ සම්බන්ධ වන බව ලොවට හෙළි කළේ ය. මිනිසාට නින්ද අත්‍යාවශ්‍ය සාධකයක් වේ. නින්දට පත් මිනිසා සිහි මූර්ඡා වූ අයෙකු මෙන් අවට ලෝකයේ සැබවින් සිදුවන කිසිවක් නොදන්නා නමුත් නින්දේ දී ඔහු සිහින ලොවක සැරිසරයි. නින්දට වැටුණු පසු මිනිස් මොළයේ සවිඥානික කොටස සම්පූර්ණයෙන් ම විවේක ගන්නා අතර යටත් පිරිසෙයින් පස් වතාවක්වත් ගැඹුරු නින්දේ සිට නොගැඹුරු නින්දට මාරු වේ. අලුයම් කාලයේදී නොගැඹුරු නින්දේ කාලය දීර්ඝ වන අතර ගැඹුරු නින්දේ කාලය කෙටි වේ.  නින්ද මාරුවන මෙම කාලය තුළ දී මිනිසුන් වැඩි වශයෙන් සිහින දකින බව විද්‍යාඥයෝ පවසති. සිහින දකින අවස්ථාවේදී කෙනෙකු වේගයෙන් ඇසි පිල්ලන් ගසන අතර ශරීරයේ චලනයන් ද සිදුවන බව සොයාගෙන ඇත. මෙවැනි අවස්ථාවක දී කෙනෙකු අවදි වුවහොත් එම පු...

ටෙනිස් ක්‍රීඩාවේදී බින්දුවට "ලව්" කියන්නේ ඇයි?

Image
ටෙනිස්, බැඩ්මින්ටන් හා වොලිබෝල් ක්‍රීඩාවල දී ලකුණු සටහන් කිරීමේ දී බින්දුවට " ලව් " යැයි කියන බව ඔබ අසා ඇති. පන්දුව යවන පැත්ත " ලව් වන් " යැයි කිවහොත් ඉන් අදහස් වන්නේ යවන පැත්ත බිංදුව බවත් ප්‍රතිවාදී පැත්තට එකක් ලබා ඇති බවත් ය. ශත වර්ෂ ගණනාවකට උඩ දී ප්‍රංශ ටෙනිස් ක්‍රීඩකයන් ලකුණු පුවරුවේ බින්දුව ලිව්වේ ඕවලාකාරවය. එනම් බිත්තරයක හැඩයටය. බිත්තර වලට ප්‍රංශ භාෂාවෙන් කියන්නෙ " ල්ලව් " (L'oeuf) කියා ය.මෙම ශබ්දය "ලව්" යන්නට සමානය. එබැවින් බිංදුව හඳුන්වන්නට ඉංග්‍රීසි ජාතික ක්‍රීඩකයෝ " ලව් " යැයි කියන්නට පටන් ගත්හ. මෙම යෙදුම අදත් " ලව් " යනුවෙන් භාවිතයට ගැනේ.

බළලුන් ගේ මුහුණේ රැවුල් ගස් ඇත්තේ ඇයි ? ?

Image
බළලා හෙවත් පූසා ගෙදර දොර ඇති කරන ඉතාමත් සුරතල් සතෙකි. සුරතල් මෙන් ම පූසාගෙන් ලැබෙන ප්‍රධාන ප්‍රයෝජනයක් තමයි මීයන් ඇල්ලීම. ඔබ පූසකු පරීකෂා කළහොත් ඌගේ මුව දෙපසින් දිග රැවුල්ගස් කීපයක් ඉදිරියට විහිදීයන බව පෙනී යනු ඇත. මෙම රැවුල්ගස් උගේ ගොදුර සොයා ගැනීමට උපකාර වන බව ඔබ දන්නවාද?  බළලකු ගොදුරක් සොයා යනවිට නිශ්ශබ්දව ගමන් කිරීමට උගේ කොට්ට වැනි පාද උපකාරී වේ. එමෙන් ම උගේ තියුණු ඇස් කරකවමින් කන්තල පුම්බාගෙන  තම ගොදුර සිටින ස්ථානය සෙවීමට ඌ දක්ෂය. බළලාගේ ඇස් ඉතාමත් තියුණු ය. අන්ධකාරය තුළින් වුව ද මෙම ඇස් වලින් ගොදුරක් සොයා ගත හැකිය. නමුත් ඌගේ ඇස්වලින් හා කන්වලින් අවශ්‍ය උපකාරය නො ලැබෙන අවස්ථා වල දී අර මුහුණේ තිබෙන රැවුල් ගස් අවශ්‍ය තොරතුරු සපයයි.  උදාහරණයක් ලෙසින් , බළලකු තම හිස මී ගුලක් ඇතුළට ඔබන විට ඌගේ ඇසට ගොදුර නොපෙනුන ද අර රැවුල් ගස් ගුහාවේ බිත්ති ස්පර්ශකොට එහි දිග පළල ඌට කියා දෙයි. එ පමණක් නොව එම ගුහාව තුළ මීයකු සැඟ වී සිටී නම් එම රැවුල්ගස් මීයා ගේ ශරීරයේ ස්පර්ශ වූ සැණින් ගොදුර සිටින තැන වටහා ගන්නා බළලා වහා මීයා අල්ලා ගැනීමට සමත් වේ.