ටිබෙටියන් මැස්ටිෆ් තහනම් වූයේ ඇයි ? ? ?








ලොව පැරණිම දෙමුහුන් සත්වයා වන්නේ සුනඛයා යි. ආදිතම කාලයේ පටන් දඩයමට සහ ආරක්ෂාවට මිනිසා ලඟින්ම සිටියේ මෙම පක්ෂපාතී මිත්‍රයා යි. ඉතින් මේ මිත්‍රයාට තවත් ටිකක් ජවසම්පන්න අගයක් දීමට මෙම සුනඛ දෙමුහුන්කරණය ආරම්භ වුණා. ලොව දරුණුතම දෙමුහුන් සුනඛයා බිහිකලේ ටිබෙටය යි. ඒ නිසාම මේ සුනඛයා ටිබෙටියන් මැස්ටිෆ් කියලා හඳුන්වනු ලබනවා. ලොව දරුණුතම සහ සුවිශාලම සුනඛයා වන මොහු දෙමුහුන් කරනු ලැබුවේ මැස්ටිෆ් බැල්ලක සහ සිංහයෙකු සමඟ බව ජනප්‍රවාදයේ කියැවෙනවා. ඇත්තෙන්ම මේ සුනඛයා සිංහයෙකු මරා දැමීමට පවා ශක්තිමත්. 

ඒ වගේම ඇමරිකාවේ විශිෂ්ඨතම දෙමුහුන් සුනඛයා වන පිට්බුල් වර්ගයේ හොඳින් වැඩුණු සුනඛයන් සතර දෙනෙකු එකවර මරා දැමීමට ටිබෙටියෙන් මැස්ටිෆ් සුනඛයෙකුට ගත වන්නේ තත්පර 30කටත් අඩු කාලයක්. 

නමුත් මේ විශිෂ්ඨ දෙමුහුන්කරණයට පසුගිය දා තහනමක් පැනවුණා. ඒ දෙමුහුන් පැටවුන් බිහිවීමෙන් පසුව සුනඛ ධේනුව මිය යාම, දෙමුහුන් සුනඛයන් යොදාගෙන ඔට්ටුවට සටන් කිරීම, අපරාධ සඳහා මෙම දරුණු සුනඛයන් යොදා ගැනීම, දෙමුහුන් කිරීම සහ හීලෑ කිරීම යන අවස්ථා වලදී දරුණු වධ හිංසා කිරීම වැනි හේතු ගණනාවක් නිසාය. "දෙමුහුන් වුණත් දරුණු වුනත් ඒත් පණ ඇති සත්වයෙක්" ලෝක වන සත්ත්ව සහ සත්ත්ව ආරක්ෂණ කමිටුව තහනමින් පසු එසේ පවසා තිබුණා.

Comments

  1. මිනිස්සුන්ගෙ උවමනාවට සත්තු උපද්දලා වද දෙනවට වඩා තහනම් කළ එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. සොබදහමට පිටින් යන්න මිනිස්සුන්ට බෑ. එහෙම කළත් ඒක සාර්ථක වෙන්නෙ නෑ.

      Delete
  2. Awasaanaye hari theeranayak aragena thiyenawa...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත සේමි..

      Delete
  3. ඒ වගේ දේවල් අහන්න ගොඩක් කැමතියි ... වැඩි වැඩියෙන් ලියන්න

    ReplyDelete
  4. මන් ඒකෙක් ගන්න හිටියෙ 😢

    ReplyDelete
    Replies
    1. 😂😂.. අපරාදෙ තහනම් කලේ නේහ් එහෙනම්

      Delete
  5. මැස්ටිෆ්ව නිර්මාණය කළෙත් මිනිස්සුමයි.අන්තිමට එයාගෙ පැවැත්ම තීරණය කරන්නෙත් මිනිස්සුමයි.😢

    ReplyDelete
    Replies
    1. සොබාදහමටපිටින් යන්න මිනිස්සුන්ට පුලුවන්.ඒත් ඒවට පැවැත්මක් නෑ නංගි

      Delete
  6. සොබාදහම වෙනස් කරන්න යන්න හොඳනෑ

    ReplyDelete
  7. Replies
    1. ඔව්.. සොබාදහට අභියෝග කරනවට වඩා ගොඩක් හොදයි

      Delete
  8. දැනුමට වටින article එකක් අක්කේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියො

      Delete
  9. Baya hithenawa e saththu dekkath ammo

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකා සිංහයෙක් වගේ

      Delete
  10. Thank u eyala ge ithihasaya apata kiya dunnata

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

දිය කිඳුරියන් ඇසින් දැක නැත්තේ ඇයි ? ? ?

පෝලන්ත අබිරහස් කැලෑවට කොකු කැලෑව කියන්නේ ඇයි ? ? ?

බළලුන් ගේ මුහුණේ රැවුල් ගස් ඇත්තේ ඇයි ? ?