අලියෙකුට හොඬවැලක් ඇත්තේ ඇයි ? ?






අශ්වයන්, ගවයන්, සුනඛයන් හා බළලුන් වැනි සිවුපාවන්ට මුඛයක් පමණක් ඇති නමුත් විශාල සිව්පාවෙකු ලෙස සැලකෙන අලියාට පාද සතරට හා මුඛයට අමතරව හොඬවැලක් ද ලැබී ඇත. 

අලියාගේ හොඬවැල විවිධ කාර්‍යයන් සඳහා භාවිතා කළහැකි අපූරු අවයවයකි. අලියාගේ හොඬවැල ඇට රහිත මස් වැදැල්ලක් වුවද එය ඉතාමත් ශක්තිමත් ය. විශාල දැව කඳක් වුව අලියාට ස්වකීය හොඬවැලෙන් ඉතා පහසුවෙන් ඔසවාගෙන යා හැකිය. හොඬවැල ඕනෑම අතකට නැවිය හැකි, පැද්දිය හැකි, උඩට එසවිය හැකි අවයවයකි. ඒ සඳහා හොඬවැල පේශීන් 40,000ක් පමණ උපයෝගී කරගනී. 

හොඬවැල මඟින් මහා විශාල වෘක්ෂයක් ඇද දමා පෙරළිය හැකිවා මෙන් ම ඔබේ අතේ තිබෙනා කුඩා කෙසෙල් ගෙඩියක් වුව බිම නොවැටී අල්ලා ගෙන මුව තුළට ලා ගැනීමේ හැකියාව ඇත. අලියා හොඬවැලෙන් විවිධ ප්‍රයෝජන ගනී. ඉව කිරීමට, වතුර පානය කිරීමට මෙන් ම පොල් අතු, කෙසෙල් කඳන් කඩා මුඛයට ඔබා ගෙන ආහාර ගැනීමට ද අලියා හොඬවැල උපයෝගී කරගනී. ජලය පානය කිරීමේදී පළමුව හොඬවැල දිගේ උඩට උරාගෙන ඉන් අනතුරුව මුඛය තුළට වතුර විදින සැටි ඔබ නිරීක්ෂණය කර ඇතුවාට සැක නැත. තවද හොඬවැල දිගේ උඩට ඇද ගන්නා ජලය වතුර මලක් මෙන් විදිමින් ඇඟපත සෝදාගන්නා සැටි, කුඩා පැටවුන් නහවන සැටි පින්නවල අලි අනාථාගාරය වැනි ස්ථාන වලදී හොඳින් දැක බලා ගත හැකිය.

කිසියම් වස්තුවක හැඩය හා එය උණුසුම්ද සීතලද ආදී දේ අලියා තම හොඬවැල මාර්ගයෙන් වටහා ගනී. කුඩා පැටවුන් තමන් යන මාර්ගයේ දක්කාගෙන යාමටත් දරු පැටවුන් සුරතල් කිරීමටත් ඇතින්න හොඬවැල යොදාගනී. රණ්ඩු සරුවල් කරගන්නා අවස්ථාවල දී පහර දීම සඳහා ද අලියාට හොඬවැල ප්‍රයෝජනවත් වේ. 

Comments

  1. Very interesting article akke 👏

    ReplyDelete
  2. So sweet of u n ur article akke!🐘🐘🐘🐘🐘🐘🐘👌

    ReplyDelete
  3. Replies
    1. එහ්ව්මද කියන්නෙ..

      Delete
  4. හැම ප්‍රශ්නයකට ම නියම පිළිතුරු සරලව දෙන අවකාශයක් 'ඇයි"..නියමයි ..

    ReplyDelete
  5. මට ඒක කියවන්කොට හිතුනා අක්කෙ අලියට හොඩවැල තියෙන නිසා අච්චර ලොකු කකුල්, කන්, කට, ඇග තිබිලත් ඒවගෙ ශක්තිය, හැකියාව ඌ දන්නෙ නැතුව ඇති කියලා....

    ReplyDelete
    Replies
    1. කතාවටත් කියනවනෙ නංගි අලියගෙ තරම ඌ දන්නෙ නැති ඉසා කියලා හෙණ්ඩුවට බය..

      Delete
  6. සරල පැහැදිලි කිරීම්.. ගොඩක් හොඳයි..

    ReplyDelete
  7. අලුත් දෙයක් ඉගන ගත්තා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

දිය කිඳුරියන් ඇසින් දැක නැත්තේ ඇයි ? ? ?

පෝලන්ත අබිරහස් කැලෑවට කොකු කැලෑව කියන්නේ ඇයි ? ? ?

බළලුන් ගේ මුහුණේ රැවුල් ගස් ඇත්තේ ඇයි ? ?