අලියෙකුට හොඬවැලක් ඇත්තේ ඇයි ? ?
අශ්වයන්, ගවයන්, සුනඛයන් හා බළලුන් වැනි සිවුපාවන්ට මුඛයක් පමණක් ඇති නමුත් විශාල සිව්පාවෙකු ලෙස සැලකෙන අලියාට පාද සතරට හා මුඛයට අමතරව හොඬවැලක් ද ලැබී ඇත.
අලියාගේ හොඬවැල විවිධ කාර්යයන් සඳහා භාවිතා කළහැකි අපූරු අවයවයකි. අලියාගේ හොඬවැල ඇට රහිත මස් වැදැල්ලක් වුවද එය ඉතාමත් ශක්තිමත් ය. විශාල දැව කඳක් වුව අලියාට ස්වකීය හොඬවැලෙන් ඉතා පහසුවෙන් ඔසවාගෙන යා හැකිය. හොඬවැල ඕනෑම අතකට නැවිය හැකි, පැද්දිය හැකි, උඩට එසවිය හැකි අවයවයකි. ඒ සඳහා හොඬවැල පේශීන් 40,000ක් පමණ උපයෝගී කරගනී.
හොඬවැල මඟින් මහා විශාල වෘක්ෂයක් ඇද දමා පෙරළිය හැකිවා මෙන් ම ඔබේ අතේ තිබෙනා කුඩා කෙසෙල් ගෙඩියක් වුව බිම නොවැටී අල්ලා ගෙන මුව තුළට ලා ගැනීමේ හැකියාව ඇත. අලියා හොඬවැලෙන් විවිධ ප්රයෝජන ගනී. ඉව කිරීමට, වතුර පානය කිරීමට මෙන් ම පොල් අතු, කෙසෙල් කඳන් කඩා මුඛයට ඔබා ගෙන ආහාර ගැනීමට ද අලියා හොඬවැල උපයෝගී කරගනී. ජලය පානය කිරීමේදී පළමුව හොඬවැල දිගේ උඩට උරාගෙන ඉන් අනතුරුව මුඛය තුළට වතුර විදින සැටි ඔබ නිරීක්ෂණය කර ඇතුවාට සැක නැත. තවද හොඬවැල දිගේ උඩට ඇද ගන්නා ජලය වතුර මලක් මෙන් විදිමින් ඇඟපත සෝදාගන්නා සැටි, කුඩා පැටවුන් නහවන සැටි පින්නවල අලි අනාථාගාරය වැනි ස්ථාන වලදී හොඳින් දැක බලා ගත හැකිය.
කිසියම් වස්තුවක හැඩය හා එය උණුසුම්ද සීතලද ආදී දේ අලියා තම හොඬවැල මාර්ගයෙන් වටහා ගනී. කුඩා පැටවුන් තමන් යන මාර්ගයේ දක්කාගෙන යාමටත් දරු පැටවුන් සුරතල් කිරීමටත් ඇතින්න හොඬවැල යොදාගනී. රණ්ඩු සරුවල් කරගන්නා අවස්ථාවල දී පහර දීම සඳහා ද අලියාට හොඬවැල ප්රයෝජනවත් වේ.
Ekath ehemada......
ReplyDeleteඔව්නෙ බ්රෝ
DeleteVery interesting article akke 👏
ReplyDeleteThank you so much nanga
DeleteSo sweet of u n ur article akke!🐘🐘🐘🐘🐘🐘🐘👌
ReplyDeleteHee.. thank you my sis
DeleteInteresting topic
ReplyDeleteThanks udari
DeleteDanno danithi
ReplyDelete(Watina kama)
එහ්ව්මද කියන්නෙ..
Deleteනියමයි
ReplyDeleteස්තූතියි ලිශ්
DeleteSuper...
ReplyDeleteThanks yasaroo
Deleteහැම ප්රශ්නයකට ම නියම පිළිතුරු සරලව දෙන අවකාශයක් 'ඇයි"..නියමයි ..
ReplyDeleteස්තූතියි දුලී..
DeleteWooooow excellent dear...
ReplyDeleteThank you so much buddy
DeleteNiyamsi
ReplyDeleteSupperp....
ReplyDeletethanks dr
Deleteමට ඒක කියවන්කොට හිතුනා අක්කෙ අලියට හොඩවැල තියෙන නිසා අච්චර ලොකු කකුල්, කන්, කට, ඇග තිබිලත් ඒවගෙ ශක්තිය, හැකියාව ඌ දන්නෙ නැතුව ඇති කියලා....
ReplyDeleteකතාවටත් කියනවනෙ නංගි අලියගෙ තරම ඌ දන්නෙ නැති ඉසා කියලා හෙණ්ඩුවට බය..
Deleteසරල පැහැදිලි කිරීම්.. ගොඩක් හොඳයි..
ReplyDeleteස්තූතියි අයියේ
DeleteAwesome
ReplyDeleteThanks malli
Deleteඅලුත් දෙයක් ඉගන ගත්තා
ReplyDeleteඒකනේ..
DeleteIt's amazing
ReplyDeleteThank you so much
Delete