බළලුන් ගේ මුහුණේ රැවුල් ගස් ඇත්තේ ඇයි ? ?







බළලා හෙවත් පූසා ගෙදර දොර ඇති කරන ඉතාමත් සුරතල් සතෙකි. සුරතල් මෙන් ම පූසාගෙන් ලැබෙන ප්‍රධාන ප්‍රයෝජනයක් තමයි මීයන් ඇල්ලීම. ඔබ පූසකු පරීකෂා කළහොත් ඌගේ මුව දෙපසින් දිග රැවුල්ගස් කීපයක් ඉදිරියට විහිදීයන බව පෙනී යනු ඇත. මෙම රැවුල්ගස් උගේ ගොදුර සොයා ගැනීමට උපකාර වන බව ඔබ දන්නවාද?

 බළලකු ගොදුරක් සොයා යනවිට නිශ්ශබ්දව ගමන් කිරීමට උගේ කොට්ට වැනි පාද උපකාරී වේ. එමෙන් ම උගේ තියුණු ඇස් කරකවමින් කන්තල පුම්බාගෙන  තම ගොදුර සිටින ස්ථානය සෙවීමට ඌ දක්ෂය. බළලාගේ ඇස් ඉතාමත් තියුණු ය. අන්ධකාරය තුළින් වුව ද මෙම ඇස් වලින් ගොදුරක් සොයා ගත හැකිය. නමුත් ඌගේ ඇස්වලින් හා කන්වලින් අවශ්‍ය උපකාරය නො ලැබෙන අවස්ථා වල දී අර මුහුණේ තිබෙන රැවුල් ගස් අවශ්‍ය තොරතුරු සපයයි. 

උදාහරණයක් ලෙසින් , බළලකු තම හිස මී ගුලක් ඇතුළට ඔබන විට ඌගේ ඇසට ගොදුර නොපෙනුන ද අර රැවුල් ගස් ගුහාවේ බිත්ති ස්පර්ශකොට එහි දිග පළල ඌට කියා දෙයි. එ පමණක් නොව එම ගුහාව තුළ මීයකු සැඟ වී සිටී නම් එම රැවුල්ගස් මීයා ගේ ශරීරයේ ස්පර්ශ වූ සැණින් ගොදුර සිටින තැන වටහා ගන්නා බළලා වහා මීයා අල්ලා ගැනීමට සමත් වේ.

Comments

  1. රසවත්,වැදගත් කරුණු ..නියමයි

    ReplyDelete
  2. I haven't known this before akke. Nice article. Keep it up 👌

    ReplyDelete
    Replies
    1. Thank you so much nanga.. Keep in touch to know more things..

      Delete
  3. Great article akkiyaaa...thnkzzz for details

    ReplyDelete
  4. Good job and nice article 😊👍🏻

    ReplyDelete
  5. Thnx Akke.. It's very beneficial fr da knwldge!

    ReplyDelete
  6. හොද ලිපියක් අක්කේ ..

    ReplyDelete
  7. නොදන්න අයට දැනගන්න වගේම දන්න අයට රසවිදින්න හොඳ ලිපියක්....

    ReplyDelete
  8. Replies
    1. ඒකනේ.. දිගටම බ්ලොග් එක බලන්න. අලුත් දේවල් දැනගන්න පුලුවන්

      Delete
  9. Nice artical. Keep it up akki...

    ReplyDelete
  10. Good luck shaniyoo..keep it up 😘

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

දිය කිඳුරියන් ඇසින් දැක නැත්තේ ඇයි ? ? ?

පෝලන්ත අබිරහස් කැලෑවට කොකු කැලෑව කියන්නේ ඇයි ? ? ?